Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා මෙසේ රෝහල් ගත කර ඇති අතර මේ වන විට ඔහු එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි ද වාර්තා වෙයි.

87 වන වියේ පසුවන ඒ මහතා වෘත්තියෙන් නීතිඥයෙකු වෙයි. ඔහු 2001 වර්ෂයේ සිට දෙමළ ජාතික සන්ධානයේ නායකයා ලෙස කටයුතු කරයි. එසේම ඒ මහතා 2001 වර්ෂයේ සිටම දෙමළ ජාතික සංධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරයි.

පසුගිය යහපාලන ආණ්ඩුවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරණු ලැබුවේද සම්බන්ධන් මහතායි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *