මන්නාරමේ කෝන්තෙයිපිට්ටි මුහුදු වෙරළේ තිබී හමු වූ ඇගලුම් කම්හල් සේවිකාවගේ මරණය සම්බන්ධයෙන් ඇගේ පෙම්වතා අත් අඩංගුවට ගැනීමට මන්නාරම පොලීසිය අද (15) මෙහෙයුමක් දියත් කොට තිබේ.
යාපනයේ පදිංචි වයස 22 ක කීර්තිකා නැමති තරුණිය මන්නාරමේ ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදී ඇගේ මළ සිරුර මුහුදු වෙරලේ තිබී හමු වී තිබේ.
පසුව පොලීසිය මේ පිළිබදව කළ විමර්ශනයකදී සී.සී.ටීවී කැමරා දර්ශන හමු වීමෙන් පසුව හෙළි වී ඇත්තේ තරුණිය අතුරුදහන් වීමට පෙර තරුණයෙකුගේ අතේ එල්ලී යාපනය බස් නැවතුම් පලෙන් පිටව ගොස් ඇති බවය.
එම තරුණයා මියගිය තරුණියගේ පෙම්වතා බවට සැකකරන පොලීසිය අදාල තරුණියගේ මරණය සම්බන්ධයෙන් තරුණයා තොරතුරු දන්නා බවටද සැක කරයි.
සියදිවි හානි කර ගැනීමකට වඩා මෙම මරණය ඝාතනයක් විය හැකි නිසා මියගිය තරුණියගේ මළ සිරුර පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම රෝහල වෙත බාර දී තිබේ. මන්නාරම පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.