Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මොරටුව ප්‍රදේශයේ පිහිටි කොරෝනා එන්නත් කරන මධ්‍යස්ථානයක අද ඉතා උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

මොරටුව නගරාධිපතිවරයා සහ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනිය අතර මෙම උණුසුම් තත්වය ඇතිවිය.

නගරාධිපති වරයා විසින් ලබාදෙන ලද තුණ්ඩුවකට අනුව එන්නත්කරණය සිදු නොකළේ යැයි ඔහු චෝදනා කරයි.

නමුත් වෛද්‍ය නිලධාරිනිය සඳහන් කරන්නේ තමනට ලැබී ඇති උපදෙස් අනුව එන්නත් කරණය සිදුකරන බවයි.

නගරාධිපතිවරයා තම රාජකාරියට බාධා කළ බවට ද ඇය පොලීසියට පැමිණිලි කළාය.

මේ අතර කොරෝනා එන්නත ලබා දීමේදී මොරටුව නගරාධිපතිවරයා අංක ක්‍රමයක් අනුව සිදු කරන ලද කටයුත්ත සාර්ථක බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ සඳහන් කළා.

එම නිසා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ද ඒ ආකාරයෙන්ම එන්නත්කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ඔහු එම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබුණා.

ඒ ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීම් මගින් ක්‍රමානුකූලව තදබදයකින් තොරව එන්නත්කරණය සිදු කළ හැකි බව ද ඔහු පැවසීය.

එවන් වැඩ පෙළක් සිදු කිරීම සඳහා නායකත්වය ගන්නා ලෙස පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ ඉල්ලා සිටි අමාත්‍යවරයා නිවැරදි දේ කර බැනුම් අසන්නට වීම ගැන බය විය යුතු නැතැයි ද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා එන්නත් ලබාදීමට පෙරාතුව එහි එම දිස්ත්‍රික් පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ සෞඛ්‍ය අංශ සමග පැවති සාකච්ඡාවක් අමතමිනි.

කෙසේ නමුත් එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය සඳහා මෙසේ ක්‍රියා පිළිවෙතක් පැවතිය යුතු බවට තවමත් කිසිදු චක්‍රලේඛනයක් නිකුත් කොට නැහැ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *