Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ජනගහණයට සාපේක්ෂව ලෝකයේ සිදුවන කොවිඩ් මරණ අනුපාතිකය අතින් ලෝකයේ සියලු රටවල් අභිබවමින් ශ්‍රි ලංකාව පලමු තැනට පැමිණ ඇති බව නවතම දත්ත පිලිබඳ ප්‍රස්ථාරයක් සහිත පුවතක් අප විසින් මිට පෙර ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් සරසවියේ පර්යේෂකයන් විසින් සකසන ලද කොවිඩ් 19 දත්ත විශ්ලේෂණ වාර්තාවක් උපුටා දක්වමින් පල කරන ලදී.

මුලාශ්‍රය : Johns Hopkins University CSSR Covid 19 Data

කෙසේ නමුත් මෙවැනි විශ්ලේෂණාත්මක ගණනය කිරීම් සිදුවෙමින් පැවතිය ද, ඇතැම් ගණනය කිරීම් සහ විශ්ලේෂණයන් නිවැරදි වුවත් බොහෝ ගණනය කිරීම්වල අඩුපාඩු පවතියි. ෆැක්ට් ක්‍රේසෙන්ඩෝ ආයතනයේ නිරීක්ෂණයන්ට අනුව සමාජ ජාලා ඔස්සේ සංසරණය වූ එම ප්‍රස්ථාරය පිළිබදව කරන ලද සොයා බැලීමේදී තහවුරු වී ඇත්තේ, සමාජ ජාලා ඔස්සේ සංසරණය වූ ප්‍රස්ථාරයේ හා එහි දැක්වෙන දත්තයන්හි චේතාන්විතව රටවල් කිහිපයක් තෝරා එහි දත්තයන් පමණක් සසඳා ලංකාවේ කොවිඩ් මරණ අනුපාතය ප්‍රස්ථාරයේ ඉහලින්ම සටහන්වී ඇති බවට පෙන්වා දී තිබෙන බවත් සමස්ථ ලෝකයේ දෛනික කොරෝනා මරණ අනුපාතය වැඩිම රට ලෙසට ශ්‍රී ලංකාව ලෙසට සඳහන් කර තිබෙන බවත් ය.

එමෙන්ම වෙබ් අඩවියේ ඇති දත්ත විශ්ලේෂණ කිරීම සඳහා රටවල් තෝරා ගැනීමක් සිදු කළ හැකි බවට ප්‍රස්ථාරය හා සබැඳි වම් පසින් යොමුවක් තිබෙනු දැකිය හැකි වේ.

එබැවින් ඉහත රටවල් කිහිපය පමණක් තෝරා ගෙන තිබුනේ කුමන නිර්ණායකයක් මත ද යන්න ප්‍රශ්නාර්ථයක් වන අතර මෙම රටවල් එකම කලාපීය රටවල් නොවන බවත්, ඒවායේ ජනගහණයන් ද එකිනෙකට බොහෝ සෙයින් වෙනස් වන බවත්, දල දේශීය නිෂ්පාදනය වැනි ආර්ථික නිර්ණායකයන් ද බොහෝ සෙයින් වෙනස් වන බවත් ෆැක්ට් ක්‍රේසෙන්ඩෝ ආයතනයේ නිරීක්ෂනය අනුව පැහැදිලි කොට තිබෙනවා.

Title: මරණ අර්බුධය තවත් උඩු දුවයි, ලෝකයේ වැඩිම කොවිඩ් මරණ අනුපාතය ශ්‍රි ලංකාවෙන් – නවතම දත්ත වාර්තාව මෙන්න

Fact Check By: Kalana Krishantha

Result: Misleading

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *