Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ (18) දෛනික කොවිඩ් වාර්ථාවට අනුව තවත් ආසාදිතයින් 3676ක් සහ මරණ 170ක් වාර්තා වුනා.

ඒ අනුව (18) දින මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,676ක් බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් යාවත්කාලීන කළ නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අද පළමුවරට වාර්තා වූ ආසාදිතයින් 2,428ට අමතරව තවත් ආසාදිතයින් 1,232 දෙනෙකු දෙවනවර මෙරට දී හඳුනා ගැනීමත් සමඟයි.

විදෙස්ගතව සිට පැමිණි ආසාදිතයින් 16ක් ද ඇතුලත්ව බවයි එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 369,359ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම ඊයේ (17) දින තවත් කොවිඩ් මරණ 170ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනූව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,604ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,188ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය ද 316,528ක් දක්වා ඉහළ යයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *