බණ්ඩාරගම – අටලුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු රැගෙන යාම සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගැසීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු එළඹෙන 17 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.

ඒ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.
පෙරේදා දිනයේ අදාළ කොරෝනා ආසාදිතයා අටලුගම ප්‍රදේශයේදී මෙලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගසා බැන වැදී තිබුණා.