Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මහනුවර ,ගලගෙදර පොලිස් වසමේ පොහොලියද්ද ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග එම ප්‍රදේශයට සංචරණ  සීමා පැනවීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.


ගලගෙදර පොලීසියෙ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ගලගෙදර ප්‍රදේශයට ඇතුල් වන ස්ථාන දෙකකට පොලිස් මාර්ග බාධක යොදා එම ප්‍රදේශයට ඇතුල් වීම සීමා කොට ඇති බවයි .


එම ප්‍රදේශයේ ජීවත්වෙන පුද්ගලයන්ට තම අනන්‍යතාවය තහවුරු කිරීමෙන් අනතුරුව ගලගෙදර , පොහොලියද්ද  ප්‍රදේශයට ඇතුළු වීමට අවසර දෙන බවත් පිටස්තර පුද්ගලයන් කිසිවෙකුටත් එම ප්‍රදේශයට ඇතුළු වීමට ඉඩ නොදෙන බවත් ඔවුන් සඳහන් කර සිටියා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *