Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මහනුවර පේරාදෙණිය පාරේ පිහිට “ ඕක් – රේ “හෝටලේයේ වායු සමීකරණ ගෑස් ඒකකයක් පුපුරා යෑමෙන් පුද්ගලයෙක් මිය ගොස් හෝටලයට දැඩි අලාභානි සිදුවී තිබේ.

දැනට පැය භාගයකට පමණ පෙර සිදුවූ මෙම අනතුරින් මිය ගියේ 26 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

දැඩි පිලිස්සුම් තුවාල සහිතව පස්වරු 1.45 ට පමණ රෝහලට ඇතුළත් කර ඇති තරුණයා ඇතුළත් කිරීමෙන් විනාඩි 15කට පසු මියගොස් තිබේ.

01 3

මෙම පිපිරී යෑම සිදුවී ඇත්තේ වායු සමීකරණ යන්ත්‍ර නඩත්තු කටයුත්තකදී ය. වායු සමීකරණ යන්ත්‍ර වෙනුවෙන් සපයන ගෑස් අඩු වීමේදී නැවත පුරවා නඩත්තු කරන බවත් අද උදෑසන හෝටලයේ තුන්වෙනි තට්ටුවේ ආපනශාලා කොටසේ වායු සමීකරණ යන්ත්‍ර නඩත්තු කරමින් සිටිය දී මෙම පිපිරීම සිදු වී ඇති බවත් පොලිසිය කියයි.

අනතුරට හේතුව වායු පීඩනය වැඩි වී හදිසියේ සිදුවූ පුපුරා යෑමක් බව පිපිරීමෙන් සිදුවී ඇති අලාභානි ගණනයේ දී සැකකරන බව විමර්ශන අංශ කියයි.

සිද්ධිය පිළිබඳ මහනුවර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වත්වයි.

02 1
මියගිය තරුණයාගේ සිරුර

Sharing is caring!

Leave a Reply

Your email address will not be published.