Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අද(10) සමත් වුණා.

ඒ, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඒ අනුව මෙවර තරගාවලියේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය අතින් ගාලු කණ්ඩායමට වඩා පිටුපසින් රැදී සිටි කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමටයි සිදු වුණේ.

ගාලු කණ්ඩායම හැරුණු විට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති සෙසු කණ්ඩායම් වන්නේ දඹුල්ල වයිකින්ග්, කලම්බු කිංග්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් යන කණ්ඩායම්.

තරගයේ කාසිය වාසිය දිනාගත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක භානුක පළමුව පන්දුවට පහර දීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට ආරාධනා කලා.

ඒ අනුව පිටියට පිවිසි කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසන් වීමටත් පෙර කඩුලු සියල්ලම දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 126ක් පමණයි.

එහිදී නායක කුසල් පෙරේරාට ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වීමට සිදුවුණා. කුසල් මෙන්ඩිස් පන්දු 42ට ලකුණු 68යි. බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 20ක් වාර්තා කලේ පන්දු 19කදී.

පන්දු යැවීමෙදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ මො⁣හොමඩ් අමීර්, නුවන් තුෂාර, ධනංජය ලක්ෂාන් සහ සහන් ආරච්චිගේ අතර කඩුලු 2 බැගින් බෙදී ගිය අතර ලක්ෂාන් සඳකැන් සහ ෂෙහාන් ජයසූරිය අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

Image Source : SLC

ඒ අනුව ලකුණු 126ක ඉලක්කය සපුරාලීම සඳහා පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 17ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී තම ඉලක්කය සපුරාගැනීමට සමත් වූ අතර ඒ ධනුෂ්ක ගුණතිලකගේ සුපිරි ඉනිම හමුවේ.

Image Source :SLC

ධනුෂ්ක පන්දු 66කදී නොදැවී ලකුණු 94ක් රැස් කරගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ දිල්රුවන් පෙරේරාට එක් කඩුල්ලක් පමණක් දවා ගැනීමට හැකිවුණා.

කැන්ඩි ටස්කර්ස් 126 (19.1 Ov, RR:6.57)
කුසල් මෙන්ඩිස් – පන්දු 42 කින් ලකුණු 68
බ්‍රෙන්ඩන් ටේලර් – පන්දු 19 කින් ලකුණු 20
අසේල ගුණරත්න – පන්දු 8 කින් ලකුණු 12

නුවන් තුෂාර 2/8
මොහොමඩ් අමීර් 2/11
සහන් ආරච්චිගේ 2/24
ගෝල් ග්ලැඩියේටර්ස් 130/1 (17.3 Ov, RR:10.0)

ධනුෂ්ක ගුණතිලක – පන්දු 66 කින් නොදැවී ලකුණු 94
හස්රතුල්ලාහ් සසායි – පන්දු 20 කින් ලකුණු 34
අසාන් අලි – පන්දු 3 කින් නොදැවී ලකුණු 2
දිල්රුවන් පෙරේරා 1/30

තරඟයේ වීරයා : ධනුෂ්ක ගුණතිලක
ගෝල් ග්ලැඩියේටර්ස් : කැන්ඩි ටස්කර්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස්
ක්‍රීඩාංගනය : හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනය

– සුදිප විදුනුවන් / ශාෂිංක විදුසර –

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *