Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ජනාධිපතිවරයාට වහාම ඉල්ලා අස්වන ලෙස බල කරමින් මහනුවර ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් විශාල සංඛ්‍යාවක් මහනුවර දළදා වීදියට එක්ව දැවැන්ත උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.

ඔවුන් කළු වර්ණයෙන් සැරසී සිටීම ද විශේෂත්වයක් වනවා.

අද (07) පෙරවරුවේ දළදා විදියට එක් වූ එම සිසු සිසුවියන් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් පාලකයන් මේ අහන්න අපේ සිහින අපට දෙන්න වැනි පාඨ කියමින් උද්ඝෝෂණය නිරතවන වුණා.

මෙම උද්ඝෝෂණය සඳහා දරුවන් නොඑවන ලෙස පොලිසිය විසින් දෙමව්පියන්ට දන්වා තිබුණද එය නොතකා ඉතා විශාල සිසු සිසුවියන් පිරිසක් මෙම උද්ඝෝෂණය සඳහා එක්ව සිටින අයුරු දක්නට ලැබුණා.

1 Comment

  • Neo, 2022-04-07 @ 4:21 PM Reply

    Its like a big match 😂 they do this for fun actually

Leave a Reply

Your email address will not be published.