Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඔක්සිජන් ඇතත් රෝගීන්ට ඔක්සිජන් ලබා දීමේ පහසුකම් නොමැති වීම නිසා නුවර දිස්ත්‍රික්කයේ මහනුවර හා තෙල්දෙණිය කොවිඩ් රෝගීන් සිටින රෝහල් බරපතල අර්බුදයකට පත්වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කරනවා.

මේ වනවිට ප්‍රධානම කොවිඩ් ප්‍රතිකාර රෝහල්වන මහනුවර හා තෙල්දෙණියේ පමණක් ඔක්සිජන් සැපයුම අත්‍යවශ්‍ය නමුත් එසේ ලබාදීමට පහසුකම් නොමැති හේතුවෙන් මරණය සමග පොරබදන රෝගීන් 35 දෙනෙකු පමණ සිටින බව එම ආරංචි මාර්ග පවසයි.

තෙල්දෙණිය හා මහනුවර රෝහල් දෙකෙහි කොවිඩ් දැඩිසත්කාර ඒකක පිරී ගොස් ඇතැයි ද, තෙල්දෙණිය රෝහලේ අලුතින් ආරම්භ කළ දැඩි සත්කාර ඒකක ඇඳන් 04 සහ නුවර රෝහලේ කොවිඩ් දැඩිසත්කාර ඒකක ඇඳන් 06 බරපතල රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා වෙන් කර ඇති බව වාර්තා වේ.

මේ වනවිට මහනුවර රෝහලේ අංක 26 කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ගන්නා රෝගීන් 20 දෙනාට අමතරව කායික වෛද්‍ය වාට්ටුවල කොවිඩ් රෝගීන් 50 දෙනෙක් හමු වී තිබේ.

මේ පිරිස අතර බරපතල ඔක්සිජන් අවශ්‍යතා සහිත රෝගීන් 15ක් සිටින බව සෞඛ්‍ය අංශ කියයි.

කොවිඩ් වැළඳී අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන් රැගෙන යන තෙල්දෙණිය රෝහලේ රෝගීන් 120න් තුනෙන් එකකටම ඔක්සිජන් අවශ්‍යතාවය පැන නැගී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

ඉන් බරපතලම තත්වයේ රෝගීන් 20ක් සිටින බවත් ඔක්සිජන් ඇති නමුත් එම ඔක්සිජන් ලබා දීමට පහසුකම් සලසා නැති වීම නිසා රෝගීන් 03ක් ඊයේ තෙල්දෙණිය රෝහලේ දී මිය බවත් එම ආරංචි පෙන්වා දෙයි.

පේරාදෙණය රෝහලේ දැනට කොවිඩ් ආසාදිත රෝගීන් 88ක් සිටින බවත් රෝහලේ දැඩි සත්කාර ඒකක ඇඳන් හයම අසාධ්‍ය කොවිඩ් රෝගීන්ට වෙන් වී ඇති බවත් ඔවුන් තහවුරු කරයි. පේරාදෙණිය රෝහලේ කොවිඩ් දැඩි සත්කාර ඒකකය බවට පත්කර ඇත්තේ සාමාන්‍ය රෝගීන් සඳහා භාවිත කළ දැඩි සත්කාර ඒකකයයි.

මෙවැනි තත්වයක් ඇතිවිය හැකි බව පුරෝකථනය කරමින් කොවිඩ් රෝහල් සඳහා ඔක්සිජන් සැපයීමේ පහසුකම් සහිත ඒකක සපයා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ට ලිඛිතව කරුණු දැක්වූයේ මීට මාස 06කට කලින් බව ඉහත ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඊයේ වනවිට මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිත රෝගීන් 337ක් වාර්තා විය. ඉන් 37ක් මහනුවර නගර සීමාව තුළය.

ඒ අනූව මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කයේ,
තෙල්දෙණිය රෝහලේ රෝගීන් 120ක්,
මහනුවර රෝහලේ රෝගීන් 70ක්,
කටුගස්තොට රෝහලේ ගැබිණි මවුවරුන් 10ක් ඇතුළුව රෝගීන් 30ක්,
පේරාදෙණිය රෝහලේ රෝගීන් 88ක්,
කඩුගන්නාව රෝහලේ 06ක්,
වත්තේගම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් 35ක්,
අකුරණ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 40ක් නාවලපිටිය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන්10ක්,
කොවිඩ් ආසාදිත බව තහවුරු වුවත් රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් රඳවා ඇති ගම්පොල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් 150ක්,
පොල්ගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් 300ක්,
පල්ලෙකලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් 140ක්,
පැණිදෙනිය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් 350ක් සහ ගිරාගම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් 26ක් ප්‍රතිකාර ගනිමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වී ඇත්තේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *