Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මහනුවර, ලේවැල්ල ප්‍රදේශයේදී විදුලි සෝපානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගොඩනැගිලි ද්‍රව්‍ය රැගෙන ගිය විදුලි සෝපානයක කේබලයක් කැඩි යාමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරනවා.

අනතුරින් එක් අයෙකු එම ස්ථානයේම මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා මහනුවර ජාතික රෝහළට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

කටුගස්තොට උඩුවාවල පදිංචිව සිටි පනස් දෙහැවිරිදි කලල්දොරේ ගෙදර උපාලි සහ මහනුවර ඔගෙස්ටාවත්තේ සිරිමල්උයන 10 ජී නිවසේ පදිංචිව සිටි අම්බලන්ගොඩ ගෙදර අරවින්ද යන අයයි.

මොවුහු වාසනා ටෙක්ස් ගොඩනැගිල්ලේ ඉදිකරමින් තිබූ කොටසට සිමෙන්ති ගෙන යමින් සිට ඇත.

රෙදි ගෙන යන තාවකාලික සෝපානයේ සිමෙන්ති කොට්ට අටක් දමා ගෙන යමින් සිටියදි මෙම අනතුර සිදුව ඇත.

මහනුවර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

එහි දර්ශන පහතින් දැක්වෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *