Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඞ් 19 වෛරසය ආසාදන වීමෙන් ඊයේ (30) මියගිය මහනුවර දිස්ත්‍රික්කයේ පළමු රෝගියාගේ දේහය භූමදානය කළ යුතු බව තරයේ කියමින් ඥාතින් විසින් දේහය රෝහලේ දමා ගොස් තිබෙනවා.

කොවිඞ් 19 ආසාදිත මරණය සිදුවූ පුද්ගලයාගේ දේහය ආදාහනය කිරිමට විරෝධය දක්වමින් මෙලෙස දේහය සහ මරණ සහතිකය පවා භාරනොගෙන ඥාතින් පිටව ගොස් ඇති බව වාර්තා වුණා.

ඥාතින් විසින් දේහය භාර නොගත හොත් අධිකරණ නියෝග ලබා ගනිමින් නිරෝධායන නීති මත දේහය පිළිබද අවසන් කටයුතු සිදු කරන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා එහිදී සඳහන් කර සිටියා.

Featured Image Source – Getty Image

Image Source – Getty Image

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *