Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පසුගියදා මහනුවර දිගන ප්‍රදේශයේ ගම්මාන කිහිපයක සිදුවූ කම්පන තත්වයට හේතුව මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව මෙම කම්පන තත්වයට හේතු වී ඇත්තේ පොළව අභ්‍යන්තරයේ හුණුගල් ස්ථර අතර ඇතිවූ තෙරපුමක පීඩනය නිදහස් වීමක් බවයි සිද්ධිය විමර්ශණයට පත්කල භූ විද්‍යාඥයන්ගේ කණ්ඩායම විසින් සකස් කළ වාර්තාවේ සඳහන් වන්නේ.

මේ අතර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ ඉදිරියේදීද එවැනිි කම්පන තත්වයන් සිදුවිය හැකි බවත් එමගින් කිසිඳු බලපෑමක් ඇති නොවන බැවින් බියක් ඇතිකර නොගත යුතු බවත්ය.

කෙසේවෙතත් එම ප්‍රදේශවල ඉදිරියට ගොඩනැගිලි ඉදිකිරීමේදී භූ විද්‍යා කාර්යංශයේ අනුමැතිය ලබා ගන්නේනම් එය අනාගතයේදී වැදගත් වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published.