මහනුවර නගර සීමාවේ සියලුම පාසල් දෙසැම්බර් 11 දක්වා තවත් සතියක කාලයක් වසා තැබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළා.
ඒ අනුව මහනුවර නාගරික සීමාවේ පාසල් 45 ක් සහ අකුරණ පාසල් 5 ක් ලබන 14 වැනි දා දක්වා තවදුරටත් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
කොරෝනා ව්‍යාප්තිය සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්. යු. ගමගේ මහතා පැවසුවේ.