Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මීට දින හතරකට පෙර වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහ මග දමාගොස් සිටි මහලු යුවළකට සිදුකළ කොවිඩ් පරීක්ෂණවලදී ඔවුන් දෙදෙනාටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

සෞඛ්‍ය අංශ මැදිහත්ව ගිලන් රථවලින් ඔවුන් දෙදෙනා IDH රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඔවුන් දෙදෙනා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි.

මෙම වයෝවෘද යුවලගේ දසුන මීට දින හතරකට පමණ පෙර නෙත ගැටෙන්නේ කොළඹ වැල්ලම්පිටිය නගරයේ මාර්ගයක් අභියසදියි. කඩපිලක් අසළ අසරණව වැතිර සිටි මෙම යුවල ඉංගිරිය පදිංචිකරුවන් බවයි පොලිසිය පසුව කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ.

කාත් කවුරුවත් නොමැතිව කුසගින්නේ කල්ගෙවූ මේ දෙදෙනා නාවා පිරිසිදු කර ඔවුන්ගේ කුස පුරවන්නට කටයුතු කළේ ඒ අවට සිටි හදවත් ඇති පිරිසක් විසින්.

කෙසේ වෙතත් මේ දෙදෙනාගේ සෞඛ්‍ය තත්වය දිනෙන් දින ක්ෂයවෙද්දී ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් ඔවුන් IDH රෝහල වෙත රැගෙන ගියා.

කොවිඩ් රෝගීන්ගෙන් පිරී ඉතිරී අතිශය කාර්යබහුල තත්වයක ඇති IDH රෝහල මේ අසරණ මා පිය යුවල අත්හැර දැමුවේ නෑ. ඔවුන් සම්බන්ධයෙන් ප්‍රතිකාර කටයුතු ආරම්භ කළ අතරම කොවිඩ් 19 වැළඳී ඇත්දැයි සොයාබැලීම සඳහා PCR පරීක්ෂණයකටත් යොමු කෙරුණා.

ඉන් තහවුරු වී ඇත්තේ මේ දෙදෙනාටම කොවිඩ් 19 වැළඳී ඇති බවයි. නිසි ප්‍රතිකාර නොමැතිව රෝගී තත්වයේ සිටි මේ දෙදෙනාගේ තත්වය අතිශය බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර මෙම වයෝවෘද යුවල නාවා කවා පොවා උපකාර කිරීමට ඉදිරිපත් වූ කරුණා සිත් ඇති කිහිපදෙනා සොයා ඔවුන් නිරෝධායනය කිරීමටත් ගොතටුව සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළේ මේ දෙපලට කොවිඩ් 19 වැළඳී ඇති බව තහවුරු වීමෙන් අනතුරුවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *