මාර්ගයක රථ වාහන හැසිරවීමේ නිරත පොලිස් නිලධාරියෙකු විසින් පුද්ගලයෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අද සමාජ මාධ්‍ය තුල හුවමාරු වුණා.
මහරගම පොලිසියට අනියුක්ත පොලිස් නිලධාරියෙකු විසින් පන්නිපිටිය ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.
මෙලෙස පහර කෑමට ලක්ව තිබෙන්නේ ලොරි රථ රියැදුරෙක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.
මෙම පහරදීම සිදුකළ බව කියන පොලිස් කොස්තාපල්වරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර විසින් නියෝග කර තිබෙනවා.
Contact Information
Share: