Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මහර බන්ධනාගරයේ උණ රෝගය පැතිර තිබීම හේතුවෙන් තම ජීවිත ආරක්ෂාව පතා රැඳවූවන් ආරම්භ කළ උද්ඝෝෂණය සාධාරණ බව මහර සිද්ධිය පිළිබඳ සොයා බැලීමට පත්කළ පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාවේ සඳහන් වනවා.

කොවිඩි වැලඳුණු රෝගීන් විශාල සංඛ්‍යාවක් මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින බව දැනගත් පසුව හා බන්ධනාගාරයේ තිබූ දැඩි තදබදය නිසාත් ඇතිවූ ජීවිත අවදානම මත රැඳවූවන් උද්ඝෝෂණය කර ඇත්තේ නිලධාරීන්ගේ කඩිනම් විසඳුම් ලබාගැනීමේ දැඩි අපේක්ෂාවෙන් බවට නිරීක්ෂණය වන බවද කමිටුව සඳහන් කරනවා.

අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් විවිධ කල්ලි සිය පෞද්ගලික කෝන්තර ඉෂ්ට කර ගැනීම සඳහා එකිනෙකා අතර පහරදීම් සිදුකර ඇතැයිද වාර්තාවේ දැක්වෙනවා.

ගැටුම අවස්ථාවේදී රැඳවූවන් සතුව ගල්, මුගුරු, යකඩ පොලු, මන්න, කඩු, පිහි, මෙන්ම ගිනි තැබීම සඳහා බොයිලේරුවෙන් ලබාගත් තෙල්ද තිබී ඇති මුත් කිසිවකු අත ගිනි අවි තිබී නැතැයිද, ගිනි අවි තිබී ඇත්තේ බන්ධනාගාරයේ නිලධාරීන් සන්තකයේ පමණක් බවද එම ගිනි අවි පාවිච්චි කර ඇත්තේ ඔවුන් පමණක් බවද වාර්තාවේ සඳහන්.

29 වැනිදා රාත්‍රියේ ඇතිවූ ගැටුම විශාල පිරිසක් සම්බන්ධ වී ඇති අතර බන්ධනාගාර නිලධාරීන් විසින් වරින්වර වෙඩි තැබීම සිදුකර ඇතැයි ද පිටතින් කැඳවූ ආරක්ෂක අංශ විසින් වෙඩි තබා නැති බවද වාර්තාවේ දැක්වේ.

පසුදා එනම් 30 වැනිදා සවසද රැඳවූවන් ඇතුළත ගේට්ටුව අසලට පැමිණ වතුර ඉල්ලමින් කෑ ගසා ඇති අතර එම අවස්ථාවේදී කලහකාරීන් පාලනය කිරීමට නිලධාරීහු වෙඩි තබා අතැයිද වාර්තාව සඳහන් කරනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *