Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මහර බන්ධනාගාරයේ ඇති වී තිබෙන කලහකාරී තත්ත්වය තවමත් සමතයකට පත්වී නොමැති බව වාර්තා වනවා.

මේ අනුව මේ වන විට පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 58 දෙනෙකු තුවාල ලබා මේ වනවිට රාගම රෝහලට ගෙනැවිත් ඇති බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කරන්නේ.

මේ අතර බන්ධනාගාරය තුල විශාල ගින්නක්ද ඊයේ රාත්‍රිය වන විට ඇතිව තිබුණා.

ප්‍රදේශවාසීන් සඳහන් කලේ විටින් විට වෙඩි ශබ්ද පවා ඔවුන්ට ඇසුණු බවයි.

පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් බන්ධනාගාරය තුල දැඩි තදබදයක් හා විශාල රැඳවියන් පිරිසක් සිටීම හේතුවෙන් මෙම විරෝධතාවය ආරම්භ වී පසුව එය ගැටුමක් දක්වා ව්‍යාප්ත වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

මේ අතර බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ, මහර බන්ධනාගාරයේ නිලධාරීන් ප්‍රාණ ඇපයට තබා ගනිමින් පැන යාමට තැත් කළ රැඳවූවන් පිරිසක් පාලනය කිරීමට ඊයේ (29 වැනිදා) පස්වරුවේ වෙඩි තැබීම සිදු වූ බවයි.

රැඳවූවන් විසින් හෙද නිලධාරියකු සහ නියාමකවරයකු ප්‍රාණ ඇපයේ තබාගෙන සිටි බව බන්ධනාගාර මූලස්ථාන නිලධාරියෙක් ප්‍රකාශ කළා.

කලහකාරී ලෙස හැසිරුණු රැඳවූවන් බන්ධනාගාර මුළුතැන්ගෙය සහ ලේඛනාගාරයට ගිනි තබා දැඩි ලෙස අලාභ හානි කර ඇතැයි ද ආරංචිමාර්ග සඳහන් කරනවා.

පී.සී.ආර්. පරීක්ෂණයකින් පසුව මහර බන්ධනාගාරයේ රැඳවූවන් 183කට කොරෝනා වෛරසය ආසාදිතව ඇති බව ඊයේ (29 වැනිදා) තහවුරුවීම හේතුවෙන් මෙම කලහකාරී තත්ත්වය හටගෙන තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *