Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මහර බන්ධනාගාරයේ ඇති වී තිබෙන කලහකාරී තත්ත්වයෙන්  මේ වන විට පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට තිබෙනවා.

මහර බන්ධනාගාරයේ ආරක්‍ෂාව සඳහා තවදුරටත් පොලිස් නිලධාරීන් 400ක් සහ පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් 200ක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

රැඳවියන් 3000ක් පමණ රඳවා සිටින මෙම බන්ධනාගාරයෙහි ඇතිවූ කැරැල්ලෙන් පසුව එහි සිටින අරක්‍ෂක වළල්ල සඳහා පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් මෙලෙස යොදවා තිබෙනවා.

එම රැඳවියන්ගේ පවුලේ සාමාජිකයන්ද කැරැල්ල වාර්තා වූ මොහොතේ සිට ඊයේ පස්වරුව දක්වාද මහර බන්ධනාගාරය අසල රැඳී සිටිමින් විරෝධතාවයේ නියැලෙනවා.

ඒ, බන්ධනාගාරයේ රඳවා සිටින සිය පවුලේ සාමාජිකයාගේ ආරක්‍ෂාව තර කරන ලෙස ඉල්ලමින්.

මේ තත්ත්වයන් පාලනය කිරීම සඳහා මෙලෙස බන්ධනාගාරයෙන් පිටත ආරක්‍ෂක වළල්ල තර කර තිබේ.

රාගම රෝහලට ඇතුලත් කරන ලද තුවාල කරුවන් ගණන මේ වන විට 107 දක්වා ඉහල ගොස් ඇති අතර ඉන් 38කට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වී තිබුණා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *