වික්ටෝරියා ජලාශයට ඉහළින් මහවැලි ගඟට වැටුණු මෝටර් රථයේ සිට අතුරුදන් වූ බව කියන පුද්ගලයාගේ සිරුර වාහනය හමුවූ ස්ථානයට නුදුරින් මඩ අතර සිරවී තිබී නාවික හමුදා කිමිදුම් කරුවන් විසින් සොයා ගනු ලැබුවේය.
මහවැලි ගඟේ වික්ටෝරියා ජලාශය ආශ්රිත ප්රදේශයට ඇද වැටුණු මෝටර් රථය අඩි 40 ක පමණ ගැඹුරේ තිබී සොයා ගැනීමෙන් පසු අද (28) දහවල් ගොඩගනු ලැබීය.
අතුරුදන් වූ බව කියන පුද්ගලයා මෝටර් රථයේ සිරිවී සිටිනු ඇතැයි සැක කළ නමුත් ඔහු එහි නොසිටීම නිසා නාවික හමුදා කිමිදුම් කරුවෝ පැමිණ මහවැලි ගඟේ අදාළ ප්රදේශය නිරීක්ෂණය කිරිමට පියවර ගත්හ. එහි දී මඩ අතර සිරවී තිබූ මෙම සිරුර හමු විය.
අදාළ පුද්ගලයා ගුරුදෙනිය, මාළිගාතැන්න ප්රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.
මෝටර් රථයේ රියදුරු සහ තවත් අයෙකු දිවි ගලවා ගෙන ඇති අතර ඔවුන් ප්රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පොලීසිය විසින් රියදුරු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මෝටර් රථයේ ගමන් ගත් පිරිස කුණ්ඩසාලේ ප්රදේශයට ගොස් ආපසු ගුරුදෙණිය බලා ගමන් ගනිමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබෙන බව පොලීස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
මියගොස් ඇත්තේ අමිල ඒකනායක නැමැති අයෙකු බවට හඳුනා ගෙන ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ ඔහු මෝටර් රථයේ පසුපස අසුනේ ගමන් ගෙන ඇත.
මහවැලි ගඟේ වික්ටෝරියා ජලාශය ආශ්රිත ප්රදේශයේ තිබී සොයා ගත් මෝටර් රථයේ දොරවල හතරම වැසී තිබීම හේතුවෙන් එහි සිටි පුද්ගලයාට කුමක් සිදු වූවේද යන්න ප්රශ්නාර්ථයක් බවට පත්ව තිබිණි.


