Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාලයේ ඇති ‘මහාවංශය පුස්කොළ පොත’ යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයක් ලෙස නම් කිරීමට තීරණය කර තිබේ.

මහාවංශයේ සියලු කොටස් කිසිදු අඩුවකින් තොරව අන්තර්ගතව තිබෙන පුස්කොළ පොත් එකතුව පරීක්ෂා කිරීමට පැමිණි යුනෙස්කෝ සංවිධාන නියෝජිතයින් ඒ පිළිබඳ සෑහීමකට පත්ව එය ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමට පියවර ගන්නා බව දැනුම් දුන්නේ යැයි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා පවසයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පොත් එකතුවට වසර 100ක් සැපිරීම නිමිත්තෙන් ඊයේ (23) විශ්වවිද්‍යාල පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී උපකුලපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

මෙම අවස්ථාවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය පරාක්‍රම කරුණාරත්න, පුස්තකාලාධිපති ආර්. මහේෂ්වරන් යන මහත්වරුන් ද සහභාගී විය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *