Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මේ මොහොත වනවිට කුරුණෑගල නගර මධ්‍යයේ වත්මන් ආණ්ඩුවට විරුද්ධව පැවැත්වෙන උද්ඝෝෂණයක් මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කාර්යාලය අසලට පැමිණ උද්ඝෝෂණයේ නිරත වනවා.

මේ අතර ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙන්නේ නැති බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට පාර්ලිමේන්තුව ඇතුළට යන්නත් එළියට යන්නත් අයිතියක් පවතින බවත් යම් හෙයකින් කථානායකවරයාට මන්ත්‍රිවරුන්ට ආරක්ෂාව දෙන්නට බැරි නම් ඊට මුහුණ දීමට තමන්ට ශක්තියක් ඇති බවත් ඔහු අවධාරණය කළේය.

දේශපාලකයන් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයක් තුළ තමන් ඊට මුහුණ දීමට සූදානම් බව ද ඔහු පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

අද පාර්ලිමෙන්තුවේ පැවැත්වෙන විවාදයේදී අදහස් දක්වමින් කතා කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ විරොධතා හමුවේ කිසිසේත් ඉල්ලා අස් නොවන බවත් එයට මුහුණ දෙන බවත් අවධාරණය කළේය.

මම අත දිග ඇරලා කියන්නේ. මේ ලෑස්ති වෙන්නේ විප්ලවයක් කරන්න. තරුණ තරුණියන් දහස් ගණනක් විනාශයට දමන්න. ජනාධිපතිතුමා හදිසි නීතිය ගෙනල්ලා ඇඳිරි නීතිය ගෙනල්ලා ඒවා ඉවත් කළා. ජනතාව ආරක්ෂා කර ගත්තා.

අපිට ගහන්න හදනවා නම් ඒකට සූදානම්. රටේ නීතියක් තියනවා. ප්‍රජාතන්තුවාදය අගය කරන අයට ඉල්ලීමක් කරනවා අපිත් එක්ක එකතු වෙන්න. මන්ත්‍රිවරුන්ට එළියට යන්නත් ඕන ඇතුළට එන්නත්ඕන. කථානායකතුමාට යම් හෙයකින් ආරකෂාව දෙන්න බැරිනම් කියන්න. අපිට පුළුවන් මේවා ට මුහුණ දෙන්න. දේශපාලකයන් හැටියට අපිට ප්‍රජාතන්තුවාදී ව්‍යූහයක් ඇතුළේ ඊට මුහුණ දෙන්න අපිට පුළුවන්.

මේ වනවිට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවයේ සජීවී දර්ශන පහතින්,

Leave a Reply

Your email address will not be published.