Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරින් ඉවත්වීමේ සූදානමක් පවතින බව අන්තර්ජාල වාර්තා සඳහන් කරයි.

රට තුළ උද්ගතව ඇති මහජන විරෝධතා සහ පාර්ලිමේන්තුවේ තත්වයත් සලකා බලා බොහෝවිට තරුණ දේශපාලනඥයෙකුට අග්‍රාමාත්‍ය ධුරය ලබාදෙමින් ඒ මහතා තනතුරින් ඉවත්වනු ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා ඉවත් වන්නේ නම් බොහෝදුරට අග්‍රාමාත්‍ය ධුරය ඒ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතාට ලබාදෙනු ඇතැයි පැවසෙන අතර රමේෂ් පතිරණ සහ ඩලස් අලහප්පෙරුම යන හිටපු අමාත්‍යවරුන්ගේ නම් ද මේ සඳහා යෝජනා වී ඇති බව සඳහන්.

මහින්ද රාජපක්ෂ මහතාට සමීප ආරංචිමාර්ග පැවසුවේ පවතින තත්වය අනුව අනිවාර්යයෙන්ම අග්‍රාමාත්‍ය ධුරය අත්හැරීමේ බලාපොරොත්තුවකින් ඒ මහතා පසුවන බවකි.

මීට පෙර අප්‍රේල් 03 වනදා ද ඒ මහතා අග්‍රාමාත්‍ය ධුරය අත්හැරීමට එකඟතාව පළකර තිබුණු නමුත් ප්‍රසන්න රණතුංග සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරුන්ගේ බලපෑම හමුවේ පසුව එම තීරණය වෙනස් කරගෙන තිබිණි.

Leave a Reply

Your email address will not be published.