Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 206.8 ක් වටිනා රත්‍රං සංචිතයක් විකුණා දමා ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා හෙළිකර තිබේ.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය නිල ට්විටර් ගිණුමේ මහ බැංකු සංඛ්‍යාලේඛණ උපුටා දක්වමින් පෙන්වාදී ඇත්තේ පසුගිය නොවැම්බර් 21 වැනිදා වනවිට මෙරට රන් සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 382.2 ක් ලෙස පැවති අතර දෙසැම්බර් 21 වැනිදා වනවිට එය මිලියන 175.4 දක්වා අඩුවී ඇති බවයි.

එමෙන්ම නොවැම්බර් 21 වැනිදා වනවිට ඩොලර් බිලියන 1.588 ක් ලෙස පැවති මෙරට සමස්ත විදේශ සංචිත ප්‍රමාණය දෙසැම්බර් 21 වැනිදා වනවිට ඩොලර් බිලියන 3.137 දක්වා ඉහළ ගොස් ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ.

ඒ සම්බන්ධයෙන් තොරතුරු මහ බැංකු දත්තවලට අනුව මෙසේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් තුළ රත්‍රන් වල වටිනාකම ද අන්තර්ගත වෙයි. එම රන් සංචිතයේ වටිනාකම පසුගිය 2021 දෙසැම්බර් මාසය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 206.8 කින් පහළ ගොස් තිබේ.

2021 නොවැම්බර් අවසානයේ දී රන් සංචිතයේ වටිනාකම ඩොලර් මිලියන 382.2 ක් ලෙසින් සටහන්ව ඇති අතර එය 2021 දෙසැම්බර් මාසය අවසානයේ දී ඩොලර් මිලියන 175.4 ක් දක්වා ඒ අනුව අඩු වී ඇත.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 1.588 සිට ඩොලර් බිලියන 3.137 ක් දක්වා පසුගිය දෙසැම්බර් මාසය තුළ දී වැඩි වී තිබේ.

එහිදී විදෙස් මුදල් සංචිතය ඩොලර් බිලියන 1.014 සිට ඩොලර් බිලියන 2.770 ක් දක්වා වර්ධනය වී ඇත.

මේ අනුව ඩොලර් මිලියන 382 වටිනාකමකට මෙරට සතුව තිබූ රන් සංචිත වලින් දැන් ඉතිරි ප‍්‍රමාණයේ වටිනාකම ඩොලර් මිලියන 175.4ක් නිසා, මෙම තත්වය මත ශ්‍රී ලංකාව විසින් ගෙවීමට නියමිත ඩොලර් මිලියන 500ක ණය වාරිකය පියවන්නේ කෙසේදැයි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප‍්‍රශ්ණ කරයි.

තම ටිවිටර් ගණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published.