ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා ඇතුළු ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.
ඔහු ප්‍රකාශ කළේ, මහ බැංකුවේ ආපන ශාලාවේ සේවකයෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් අදාළ නිලධාරීන් නිරෝධායනයට යොමු කළ බවයි.
අදාළ සේවකයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත්තේ පෙරේදා දිනයේදීයි.
ඔහු ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.
කෙසේ වෙතත්, මහ බැංකුවේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව ද එහි ප්‍රකාශකයා සඳහන් කළා.