Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අප විසින් අද උදැසන වාර්තා කල ආකාරයට අනුව, මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කල බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා මිට සුළු මොහොතකට පෙර නිලවශයෙන් නිවේදනය කළා.

ඒ මහ බැංකුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදීයි.

ලබන 14 වනදා සිට තම ඉල්ලා අස්වීම බලාත්මක වන බවයි ඔහු සඳහන් කලේ.

ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉහළ තනතුරකට පත්වීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ.

මේ අතර මහ බැංකු අධිපති ධුරය සඳහා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට පෙර කබ්රාල් මහතා තමන් දරණ අමාත්‍ය ධූරයෙන් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමට නියමිතය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *