Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මාතර දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක හට හූ තියා එලවා දැමීමේ සිදුවීමක් වාර්තා වනවා.

උරුබොක්ක, තිහගොඩ ප්‍රදේශයේ නිවසක තිබු පාක්ෂික රැස්වීමකට සහභාගී වීමට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නිපුන රණවක පළවා හැරීමට ප්‍රදේශවාසීහු අද කටයුතු කළහ.

එල්ලවන දැඩි විරෝධතා මධ්‍යයේ තරුණ මන්ත්‍රී නිපුණ රණවක එම ස්ථානයෙන් ඉවත් වී ගියේය. නිපුණ රණවක යනු අගමැති මහින්ද රාජපක්ෂගේ නැගණියගේ පුත්‍රයා යි.

ඔහු පාර්ලිමේන්තුවට රැගෙන ඒම සඳහා රාජපක්ෂ කණ්ඩායම මැතිවරණ ප්‍රචාරක කටයුතුවල දී දැඩි උත්සාහයක් දරා තිබිණි.

පොදුජන පෙරමුණෙන් මාතර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ගත්තේ ඔහුය.

Leave a Reply

Your email address will not be published.