Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බලපිටිය ප්‍රදේශයේ මාදු ගඟ පිටාර ගැලීම හේතුවෙන් නිවාස කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.

මේ හේතුවෙන් පාතමුල්ල හා ඕවිලාන යන ගම්මාන දෙක සඳහා වැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි වාර්තාවන්නේ.

මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් මාදු ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.

බලපිටිය මෝය කට වැලිවලින් ඇහිරී තිබීම හේතුවෙන් වතුරෙන් යටවී තිබෙන ගම්මානවල වතුර බැස නොයන බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ.

වතුර බැස නොයාම හේතුවෙන් මෝය කට ශුද්ධකර දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත්  එය සිදු නොවුන නිසා අද (25) මෝය කට ශුද්ධ කිරීමට ප්‍රදේශවාසීන්ම කටයුතු කරනු ලැබුවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *