Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ ගාලු මුවදොර ඔක්තෝබර් 9දා පැවති සාමකාමී විරෝධතාව සහ සැමරුම පොලිසිය විසින් විසුරුවා හැරීමේ සිද්ධිය ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ස්වයං මෙහෙයවීමෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විනිසුරු රෝහිණි මාරසිංහ නිවේදනය කළේ මෙම විරෝධතාවය පොලිසිය විසින් විසුරුවා හරින ලද්දේ කුමන පදනමක් යටතේද යන්න පිළිබඳ කරුණු ඇතුළත් වාර්තාවක් කැඳවා ඇති බවයි.

පැය 24 ක් තුළ එම වාර්තාව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලබාදෙන ලෙස පොලිස්පතිවරයා වෙත අද දින දන්වා යැවූ බව විනිසුරු රෝහිණි මාරසිංහ සඳහන් කළාය.

ඊයේ කොළඹ ගාලුමුවදොරදී පැවැත්වූ ජනඅරගල විරු සැමරුමට පොලිසිය බාධා කිරීම පිළිබඳ විවිධ පාර්ශව වලින් මේ වන විට විවේචන එල්ල වෙමින් තිබේ.

ජනතාව විසින් ආර්ථික අර්බුදය හේතු කොට ගෙන ආරම්භ කළ අරගලයට මාස 06ක් පිරීම නිමිත්තෙන් එම කාලය තුළදී මිය ගිය පුද්ගලයින් සිහිකර මෙම විරු සමරුම සංවිධාන කර තිබුණි.

එහෙත් ආරම්භයේ සිටම පොලීසියෙන් ඊට බාධා එල්ල විය.

අරගලකරුවන් පවසන්නේ, මෙය සාමකාමීව විරෝධතා දැක්වීමට හා අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය උල්ලංඝනය කිරීමක් බවයි.

දරුවන් ඇතැතිව සිටි මව්වරුන් මෙන් පියවරුන්ද ඇඳගෙන යාමට පොලීසිය තැත්කරන අයුරු දැක්වෙන දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසර්ණය විය.

පොලිසිය සඳහන් කළේ, ජනවිරු සමරුවට එක්වු 5 දෙනෙකු කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවයි.

ඒ අතර සිටි 16 සිසුවා ඊයේ රාත්‍රියේම මුදා හැර තිබුණි.

අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයින් සිව් දෙනා අද රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද නියෝග කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *