Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කහතුඩුව – රිලාවල මංසන්ධියේ දිගින් දිගටම අනතුරු සිදුවන ස්ථානයක් බවට පත්ව තිබෙනවා.

ඊයේ දිනයෙදී එම ස්ථානයේ මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් තරුණයෙකු බරපතළ තුවාල ලැබුවා.

කහතුඩුව රිලාවල මංසන්ධිය නිරන්තරයෙන් අනතුරු සිදුවන ස්ථානයක් බවට ඉතා ප්‍රසිද්ධයි. එහි ආසන්නතම සිද්ධිය වාර්තා වුණේ ඊයේ පස්වරුවේයි.

යතුපැදියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී සිදු වූ මෙම අනතුරේ ප්‍රතිඵලය වූයේ තරුණයෙකු බරපතල තුවාල ලැබීමයි.

පසුගිය වසර තුළ පමණක් මෙම ස්ථානයේ අනතුරු 25කට වැඩි ප්‍රමාණයක් සිදුව ඇති බව පෙන්වාදෙන ප්‍රදේශවාසීන් පවසන්නේ එම අනතුරුවලින් කිහිපදෙනෙකුම බරපතළ තුවාල ලැබූ බවයි.

මේ වසරේ ගත වූ මාස එක හමාරක කාලය තුළ පමණක් මෙම ස්ථානයේ අනතුරු 4ක් සිදුව තිබෙනවා.

ජනතාව ඉල්ලා සිටින්නේ නිරන්තරයෙන් මෙලෙස සිදුවන අනතුරුවලින් ජීවිතයක් බිලි ගැනීමට පෙර තමන්ට හැකි ඉක්මනින් මේ සඳහා විසඳුමක් ලබා දෙන ලෙසයි.

ඊයේ දිනයේ සිදුවූ අනතුරින් පසුව එම ස්ථානයේ කොළඹ හොරණ ප්‍රධාන මාර්ගය හරහා රථවාහන ධාවනය කළ නොහැකි ලෙස විශේෂ ආවරණයක් යොදා තිබෙනවා.

එසේ තිබියදීත් එම ස්ථානයේම ඊයේ සිදුවූ තවත් අනතුරක් සමඟ මේ වනවිට රිළාවල මංසන්දිය පිළිබඳව බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

එම අනතුර ද CCTV කැමරාවේ සටහන් වී තිබුණේ මෙලෙසින්.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *