Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මාවනැල්ල අංවාරම ප්‍රදේශයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් තිස් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මාවනැල්ල පොලිසිය කියයි.

මෙසේ අනතුරට ලක්වී ඇත්තේ පෞද්ගලික පාසල් ප්‍රවාහන බස්රථයක් සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථයකි.

පාසල් ප්‍රවාහන බස්රථයේ එම අවස්ථාවේ කිසිදු දරුවකු සිටි නොමැති බව පොලිසිය කියයි.

මෙම අනතුරෙන් රෝහල්ගත කළ පුද්ගලයන් 5 දෙනකුට බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *