මේ වන විට ඉන්දියාවෙහි වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ 3ක් ඉක්මවා ගොස් තිබේ.එරටින් ගත වූ පැය 24 තුළදී මරණ 4,455ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියානුවන් 50,000ක් පමණ ගෙවුණු දින 12 ක කාලය තුළදී වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇත.
තවද ඉන්දියාවේ වරණාසි නගරයේදී කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් වී සිටින සියලු දෙනාට සෙත් පතා පූජාවක් පවත්වා ඇති අතර එහිදී ඊට සහභාගී වූවන් මුඛ ආවරණ නොපැළඳ සිටි අතර සමාජ දුරස්ථභාවය ද ආරක්ශා කරගැනීමට සමත් නොවූ බව වාර්තා වේ.
ගෝලීය කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වන විට දාසය කෝටි හැත්තෑපන්ලක්ෂය ඉක්මවා ඇති අතර සමස්ත මරණ සංඛ්‍යාව තිස්හතර ලක්ෂ හැත්තැහත්දහසකට අධිය වේ.