Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉන්දියාවේ වැඩිම දෛනික කොරෝනා ආසදිතයින් සංඛ්‍යාව මාස දෙකකට පසු ඊයේ දිනයේ දී වාර්තා විය.එසේ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 46,759 කි.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ පසුගියදා කේරළ ප්‍රාන්තයේ පැවති උත්සවයකින් අනතුරුව එම ප්‍රාන්තයේ ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් මේ හේතුවෙන් සමස්ත ඉන්දියාවේම ආසාදිතයින් සංඛ්‍යාවම ඉහළ ගොස් ඇති බවයි.

ඉන්දියාවේ වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවෙන් 70%ක්ම කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති බවද විදෙස් මාධ්‍ය අනාවරණය කරනු ලබයි.

වැඩිවන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය අවම කිරීම සඳහා කේරළ ප්‍රාන්තයට රාත්‍රී ඇඳිරිනීතිය පැනවීමට ඉන්දීය බලධාරීන් තීරණය කර ඇති බවද වාර්තා වේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *