Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෝවිඩ් ආසාදිත බවට තහවුරු වූ වරාය (ඩොක්යාර්ඩ්) සේවකයෙකුගේ පවුලේ සාමාජිකයන් 05 කගේ සිදුකරන ලද පී.සී.ආර්.පරීක්ෂණ වාර්තා අනුව එම පස් දෙනාටම වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වී ඇතැයි වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

වෛරසය ආසාදනය වූ බවට තහවුරු වී ඇති එකම පවුලේ පස් දෙනා අතර මාස හයක සහ අවුරුදු තුනක දැරියන් දෙදෙනකු ද සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි ඉතිරි තිදෙනා ආසාදිතයා ගේ බිරිඳ ,පියා සහ නැන්දනිය වේ.

ඩොක්යාඩ් හා ආසාදිත අය ගේ බිරිඳ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පත්වීම් ලාභීනියක ලෙස සේවය කරන අතර ඇය අවසාන වශයෙන් ඉකුත් 09 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ එහි නිලධාරීන් දෙදෙනකු හමු වී යම් ලියකියවිලි වගයක් භාර දුන් බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඇයගේ සැමියා වෛරස් ආසාදිත වූ අයෙකු බව දැන ගත් දිනම එම නිලධාරීන් දෙදෙනා ස්වයං නිරෝධායනයට ලක් කළ බවත් වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් එම් රන්ජන් ප්‍රියශාන්ත පෙරේරා මහතා පැවසීය.

එම පවුලේ සියලු දෙනාගේ ආශ්‍රිතයන් විශාල ප්‍රමාණයක් මේ වෙනකොට හඳුනා ගෙන ඇති බවත් ,තවදුරටත් ඒ පිළිබඳ ව විමර්ශන සිදු කරමින් සිටින බවත් වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *