පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු, රියාජ් බදියුදීන් දැඩි කොන්දේසි මත රැඳවුම් භාරයෙන් මුදා හරින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (නොවැ. 15) නියෝග කර තිබේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයට පත් කර සිටියේ ය.
අප්‍රේල් 24 වන දා සිට ඔහු මාස 7කට ආසන්න කාලයක් රැඳවුම් භාරයේ පසු විය. ඒ අනුව, තමන්ව අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා රියාජ් බදියුදීන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය කරනු ලැබ ඇත.
විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දී තිබේ.
ඒ අනුව, පෙත්සම්කරු රැඳවුම් භාරයෙන් මුදා හැරීමට නියෝග කළ අධිකරණය ඔහුට කොළඹ නගර සීමාවෙන් පිටතට යාම තහනම් කරමින් නියෝගයක් කර ඇත. එමෙන් ම, සෑම මසක ම පළමු වන සහ තුන් වන ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවටත් විදේශගත වන්නේ නම්, අධිකරණයෙන් අවසර ලබා ගත යුතු බවට ත් විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.
පෙත්සම්කාර පාර්ශවය හා වගඋත්තරකාර පාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බලා, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 11 (1) වගන්තිය යටතේ මෙම නියෝගය විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
අදාළ පෙත්සම 2022 වසරේ මැයි මස 10 වන දා කැඳවීමට එහිදී නියෝග කර තිබේ.