කොවිඩ් ව්‍යාප්තියට අදාළ නව සාමාන්‍යකරණයට අනුකූලව අද සිට නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඇතුළු තවත් දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
අද සිට මෙලෙස සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය ක්‍රියාවට නැංවෙන්නේ වසරකුත් මාස 8 කට පසුවයි.
ඒ අනුව මීට පෙර 152ක් ව පැවති දෛනික දුම්රිය ගමන්වාර සංඛ්‍යාව අද සිට 301 දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
සාමාන්‍ය කාලසටහන අනුව කාර්යාල වේලාව තුළ ධාවනය කරනු ලබන සියලුම දුම්රියන් ධාවනය කරන අතර ඊට අමතරව දුර ගමන් සේවා දුම්රියන් රැසක්ද ධාවනයට එක්කර තිබෙනවා.
සංචරණ සීමා ලිහිල් කිරිමෙන් පසුව දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරීමත් සමග මගීන්ගේ පැමිණීම සාමාන්‍ය තත්වයට පත්ව ඇති බැවින් පවතින තදබදය අවම කිරීමේ අරමුණින් මෙම නව දුම්රිය සැලැස්ම ක්‍රියාත්මක කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ.
කෙසේ වෙතත් අත්‍යවශ්‍ය නොවන අවස්ථාවන්හිදී දුම්රියවල ගමන් නොකරන ලෙසත් දුම්රියන් හි ගමන් කරන අවස්ථාවන්හිදී කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ මාර්ගෝපදේශයන්ට අනුගතව කටයුතු කරන ලෙසත් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියා.
මේ අතර පාර්සල් ප්‍රවාහනය, දුම්රිය ආසන වෙන් කර ගැනීම සහ දුම්රිය ස්ථාන විවේක කාමර වෙන් කරවා ගැනීම ආදී සාමාන්‍ය කටයුතු ද අද සිට නැවත ආරම්භ කෙරෙනු ඇති.