Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ රීඩ් මාවතේ තුරඟ තරග පිටියේ මැක්ඩොනල්ඩ් අවන්හල තුළ අද අළුයම සිදු වූ පිපිරීමෙන් තරුණයින් දෙදෙනකු සුළු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පොලීසිය පැවසුවේ තුවාල ලැබූ තරුණයින් දෙදෙනා පිපිරීමට ලක් වූ ගොඩනැගිල්ලට යාබදව පිහිටි කුලී රථ ගාලේ කුලී රථයක් පැමිණෙන තුරු බලා සිටි තරුණයින් දෙදෙනෙකු බවයි.

සිද්ධියෙන් තුවාල ලැබූ මෙම තරුණයින් දෙදෙනා රෝහලට ගොස් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව ඒ පිළිබඳව කුරුඳුවත්ත පොලිසියට පැමිණ පැමිණිලි කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

Leave a Reply

Your email address will not be published.