Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මහමැතිවරණය ජුනි 20 පැවැත්වීමට නිකුත් කර ඇති ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කර බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

නීතිඥ චරිත ගුණරත්න මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති බව සඳහන්.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල්, ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර, සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණය ජුනි මස 20 වනදා දක්වා කල් තැබීම සඳහා මැතිවරණ කොමිසම විසින් ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවයි.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ දිනය වන මාර්තු දෙවන දා සිට මාස තුනක් නොඉක්මවන කාලසීමාවක් තුළ මහ මැතිවරණයක් පැවැත්වීම අත්‍යාවශ්‍ය කරුණක් බව පෙත්සම්කරු පෙන්වා දෙනවා.

ඒ අනුව මහ මැතිවරණය මැයි මස 13 වනදා ට පෙර පැවැත්වීමට මැතිවරණ කොමිසම නීතියෙන් බැඳී සිටින බවයි පෙත්සම්කරු සිය පෙත්සම මගින් දක්වා ඇත්තේ.

එමෙන්ම කොවිඩ් වසංගතය හේතුවෙන්ට රට තුළ විශාල අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බවත් කොරෝනා ආසාදනය විය හැකි පුද්ගලයින් නිරෝධායන පනත යටතේ දින දාහතරක් හෝ 21ක කාලයක් නිරෝධනයට ලක්කිරීමක් සිදුවනවා.

එවන් තත්ත්වයක් මත රට තුළ නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් බවයි පෙත්සම්කරු සඳහන් කරන්නේ.

ඒ අනුව ජූනි මස විසි වනදා මහා මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටිනවා.

ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු මහ මැතිවරණයක් පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *