Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් සංචිතය නම් කිරීම පමාවීමට ප්‍රධාන හේතුව අවසන් මොහොතේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනෙකු එක්කර ගැනීමට ද යන සැකයක් මේ වනවිට මතුව තිබේ.

හිටපු විස්සයි විස්ස නායකයන් දෙදෙනෙකු ද වන වේග පන්දු යවන්නෙකු සහ පිතිකරණය මූලික කරගත් තුන් ඉරියව් දක්ෂතා ඇති ක්‍රීඩකයෙක් මෙසේ අවසන් මොහොතේ සංචිතයට එක්වීමට අවස්තාව ඉල්ලා ඇතැයි පැවසේ.

හෙට දිනයේ (09) උදෑසන ක්‍රිකට් ක්‍රීඩක යෝග්‍යතා පරීකෂණයක් සදහා සුගතදාස ක්‍රීඩාංගනයේ ධාවන පථය සූදානම් කෙරෙමින් පවතින බවටද ආරංචියක් මේ සමඟම පැතිර යයි.

මේ අතර දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමිව සිටි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් ව එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතයට ඇතුලත් වනු ඇතැයි විශ්වාස කටයුතු ආරංච් මාර්ගයන් ගෙන් පැවසෙනවා .

කුසල් ජනිත් පෙරේරා සහ චන්දිමාල් යන ජ්‍යෙෂ්ඨයන් දෙදෙනාම කණ්ඩායම තුල ක්‍රීඩා කොට චන්දිමාල් කඩුලු රකින්නා සහ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරන අතරේ කුසල් ජනිත් පෙරේරා අංක තුන ස්ථානයේ ක්‍රීඩා කරනු ඇතැයිද පැවසෙනවා .

මෙම මුල්පෙළ පිතිකරු ලැයිස්තුව දකුණු අප්‍රිකාව සමග පැවත්වෙන විස්සයි විස්ස තරගවලදී අත්හදා බැලෙනු ඇතැයිද පැවසෙනවා .

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *