Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක් විවිධ හේතු මත රට හැර යෑමේ සූදානමක පසුවන බව වාර්තා වේ.

යම් යම් හේතු මත කලකිරුණු කිහිපදෙනෙකු ද ඒ අතර සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අතර රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මාස තුනක කාලයක් සඳහා ජපානයට ගොස් සිටින අතර රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ද විදේශයකට ගොස් සිටින්නේය.

රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් මාස තුනක කාලයක් සඳහා නිවාඩුව පාර්ලිමේන්තුව ද පසුගිය දා අනුමත කළේය.

අමාත්‍යංශයේ කටයුතු සම්බන්ධයෙන් කල කිරීමට පත්ව සිටින නිමල් ලන්සා මහතා යම් කාලයක් සඳහා මෙලෙස විදේශයක ගොස් සිටින්නේ යම් මානසික විවේකයක් අපේක්ෂාවෙන් බව ඒ මහතාට සම්බන්ධ ආරංචි මාර්ග වලින් පැවසේ.

මේ අතර ඇමැති තනතුරු නොලැබීම නිසා කලකිරීමට පත්ව සිටින ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් දේශපාලන කටයුතුවලින් ඉවත්වී විදේශගත වන බවට සිය හිතවතුන්ට දැනටමත් ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා ද දේශපාලන කටයුතු වලින් තාවකාලිකව ඉවත්වී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරය බාර ගැනීම සඳහා පසුගිය දා පිටත්ව ගියේය.

Leave a Reply

Your email address will not be published.