රජයේ ඇමතිවරුන් පසුපස බුද්ධි අංශ යොදනා ඇති බව වාර්තා වීමත් සමග ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් කැළඹීමකට පත් ව සිටී.
මේ සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් පිරිසක් ආණ්ඩුවේ ප්‍රබලයන් සමගද අදහස් හුවමාරු කරගෙන ඇතැයි වාර්තා වෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා මෑතකදී කියා සිටියේ සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඇමති ඉවත් කරන ලද්දේ බුද්ධි අංශ වලින් ලද තොරතුරු මත බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කළේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පසුපස බුද්ධි අංශ යෙදවීම සහ එම තොරතුරු පසුපෙළ මන්ත්‍රීවරයෙකු ලැබීම සියලු දෙනා දැඩි අවධානය යොමු කළ යුතු කාරණාවක් බව ය.
සිදුකිරීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ඇමතිවරුන් එම ධුරවලින් නෙරපා දමනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැබිනට් ඇමති ධුර දෙකක් සහ රාජ්‍ය ඇමති ධුර දෙකක් දැනට රජය තුල දරමින් සිටියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 14 දෙනකු පාර්ලිමේන්තුව නියෝජනය කරයි.
මේ අතර වාර්තා වන්නේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යම් උත්සාහයක නිරත වන බවයි.
ආණ්ඩුවේ සිටින එකතු කරගෙන විපක්ෂයේද පිරිසකගේ සහාය ලබමින් විපක්ෂයේ බහුතර බලය ලබාගෙන මෙම ධුරය ලබා ගැනීම සඳහා සැලසුම් කරමින් ඇතැයිද එම වාර්තාවන් කියා සිටී.
එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ ද ඒ සඳහා ලබාගැනීමට සාකච්ඡා සිදුවෙමින් ඇතැයි ද වාර්තාවන්හි සඳහන් වේ.