Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පසුගිය මස 29 වන දා මැන්ඩි හෙවත් MDMA නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 653 මිලි ග්‍රෑම් 380 ක ප්‍රමාණයක් ජාවාරම් කිරීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බත්තරමුල්ල සුරාබදු ඒකකයේ නිලධාරී ඇතුළු සැකකරුවන් තිදෙනාට අද (09) අවිස්සාවේල්ල මහේස්ත්‍රාත්තුමිය විසින් ඇප නියම කර තිබෙනවා.

මෙම සැකකරුවන් ඉදිරිපත් කරමින් මුල් අවස්ථාවේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යංශයේ නිලධාරීන් විසින් අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම සැකකරුවන් විසින් වසර ගණනාවක සිට Facebook සාද සංවිධානය කරමින් එකී සාද වලට පැමිණෙන තරුණ තරුණියන්ට ද මත්ද්‍රව්‍ය අලෙවි කිරීම ඇතුළු ජාවාරම් කටයුතු සිදුකළ බවයි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නුවන් ජයවර්ධන කියා සිටියේ විමර්ශන අනූව සැකකරුවන් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී නොමැති බවත්, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය මෙතෙක් රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් නොකිරීම මත පැමිණිල්ල මෙහෙයවන නිලධාරීන් හිතාමතාම විමර්ශන ප්‍රමාද කිරීමට කටයුතු කරන බවත් ය.

ඒ අනුව එක් එක් සැකකරු රු 200,000 බැඟින් වන ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්තුමිය නියෝග කරනු ලැබුවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *