Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඇමරිකාවට බලපා ඇති අයිඩා සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට නිව්‍ යෝර්ක් සහ නිව් ජර්සි ප්‍රාන්තවල පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට මාධ්‍ය වාර්තා කරන ආකාරයට බොහෝමයක් ජීවිත හානි සිදුව ඇත්තේ අයිඩා සුළි කුණාටුවත් සමග ඇති වූ අධික වර්ෂාව සහ ජල ගැලීම් නිසා වාහන අංගන සහ භූගත තට්ටු වල පුද්ගලයින් සිරවීම නිසා ය.

සුළි කුණාටුව හේතුවෙන් මිලියනයකට පමණ පිරිසකට විදුලිය ඇණ හිට ඇති අතර දුම්රිය ඇතුළු ප්‍රවාහන සේවා සියල්ල අඩපණ වී ඇත.

ඇමරිකානු ජනපති ජෝ බයිඩන් අදාළ නිලධාරින්ට උපදෙස් දී ඇත්තේ පීඩාවට පත් ජනතාවට සහන සලසන ලෙස ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *