Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කඩිනම් මහවැලි මහ සැලැස්මේ අවසන් වාරි වික්‍රමය වන මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානයේ කැළිකසළ බැහැර කිරිම් ඉහළ ගොස් ඇතැයි පරිසරවේදීහු චෝදනා කරති.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ වුව ද විවිධ පුද්ගලයෝ පරිසර සිරි විඳීම සඳහා දෛනිකව මොරගහකන්ද ජලාශය ආසන්නයට පැමිණෙති.

ඔවුන් විසින් ආහාර ගෙන ඉවත දමන නොදිරන ප්ලාස්ටික්, හිස් බෝතල් මෙන් ම මත් පැන් බී ඉවත දමන වීදුරු බෝතල් හා බීර ටින්මේ දිනවල මොරගහකන්ද ජලාශය ආසන්නයේ බහුලව දක්නට ලැබේ.

පරාක්‍රම සමුද්‍රය මෙන් සය ගුණයක විශාලත්වයෙන් යුතු මොරගහකන්ද ජලාශය මිරිදිය ධීවර කර්මාන්තයට මෙන් ම පානීය ජල අවශ්‍යතා සපුරන ජලාශයක් වන අතර ජාතික විදුලි පද්ධතියට එය සක්‍රීය දායකත්වයක් ද ලබාදෙයි.

මෙවැනි වටිනාකම් රැසකින් හෙබි මොරගහකන්ද ජලාශයේ ජීවත්වන විවිධ මත්ස්‍ය විශේෂ හා ජලජ ශාක රැසකට සහ ජලය බීමට ගන්නා පිරිස් වෙත මෙම බැහැර කෙරන කැළිකසළ නුදුරේදී ම බරපතළ තත්ත්වයක් නිර්මාණය කරනු ඇතැයි පරිසරවේදීහු චෝදනා කරති.

ඒ හේතුවෙන්, මේ පිළිබඳව වගකිවයුතු බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු විය යුතු බව ඔවුහු අවධාරණය කරති.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *