Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නව කොරෝනා ආසාදිතයන් 557 දෙනෙකු ඊයේ (01) වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 43,856 දක්වා ඉහළ ගියා.

වාර්තා වු ආසාදිතයින් අතරින් 555 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් වන අතර අනෙක් දෙදෙනා විදේශයන්හි සිට පැමිණි අය වේ.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුර 40,000 සීමාව ඉක්මවා ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 40,126 වන බවයි.

දිනක් තුළදී සුවය ලැබූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා.

ඒ අනුව ආසාදිතයින් 826 දෙනෙකු ඊයේ රෝහල්වලින් සුවය ලබා නිවෙස් වෙත පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව දැක්වුණේ 36,155 ක් ලෙසින්.

තවත් කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ 04 ක් ඊයේ වාර්තාවීමත් සමඟ මෙරට සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 208 ක් දක්වා ඉහළ ගියා.

එම නිවේදනය පහතින්,

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *