Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද දිනයේදී මෙරටින් මේ වනවිට කොවිඩ් ආසාදිතයන් 103 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඉන් ආසාදිතයන් 101 දෙනෙකුම මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල තුළ සේවය නොකළ අය විම බරපතල කරුණක්.

ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල ආශ්‍රිත කොරෝනා පොකුරේ සමස්ථ ආසාදිතයින් ගණන 1186ක් දක්වා ඉහළ යනවා.

දින දෙකකට පසුව එකවර අසාදිතයින් 100 ඉක්මවා වාර්තාවූ පළමු අවස්ථාව අද වනවා.

නැවත හිස ඔසවමින් තිබෙන මෙම නව කොරෝනා ආසාදිත පොකුරත් සමග අද දවසේදී අවධානය දැක්විය යුතු විශේෂ කරුණු කිහිපයක්ම තිබෙනවා.

ඒ අනුව මෙම නව කොරෝනා රැල්ල මේ වන විට කොළඹ ජාතික රෝහලටත් , රිජ්වේ ආර්යා ළමා රෝහලටත් රතු එළි දල්වා තිබෙන්නේ ඒ ආශ්‍රිතව රෝගීන් 5 දෙනෙකු වාර්තා කරමින්.

තොරතුරු එලෙස වාර්තා වෙද්දී පානදුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ හෙදියකගේ දියණියකටද කොරෝනා ආසාදනය වූ අතර මේ හේතුවෙන් පානදුර රෝහලේ දැඩි සත්කාර ඒකකය තාවකාලිකව වසා දැමුනා.

මේ අතර අදාළ දියණියගේ ආශ්‍රිතයෙකුටද කොරෝනා අසාදනය වූ අතර එම ආශ්‍රිතයා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුවියක්.

රට තුල මෙවන් වාතාවරණයක් පවතින විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කලේ මීළඟ පැය 24 ක කාලසීමාව ඉතා තීරණාත්මක බවයි.

තවත් PCR පරීක්ෂණ කිහිපයක ප්‍රතිඵල පැමිණීමට නියමිත අතර ඒ ඔස්සේ රටේ කොරෝනා වර්ධනයේ දිශානතිය තීරණය වන නිසාවෙන් එම ප්‍රකාශය සිදු කරන බවයි එම සංගමය නිවේදනය කරන්නේ.

මේ වන විට මෙරට සමස්ථ කොරෝනා අසාදිත ගණන 4,628ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කරන්නේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *