Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හොරණ, පොරුවදණ්ඩ, ගනේතැන්න ප්‍රදේශයේ රබර් වත්තක කැලෑ සහිත ප්‍රදේශයක තිබී පුද්ගල මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.

119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පණිවුඩයක් මත හොරණ පොලීසිය විසින් ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇත.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, අවුරුදු 35ක් පමණ පෙනුම ඇති පිරිමි පුද්ගලයෙක් බවට සැකකරන බව ද පොලීසිය සඳහන් කරයි.

මියගිය පුද්ගලයාගේ වම් අතේ උඩ බාහුවේ අත වටා ලියවැලක හැඩැති පච්චයක් කොටා ඇතැයි ද පොලීසිය පැවසීය.

මෘත ශරීරය සම්බන්ධයෙන් මුලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇති අතර, හොරණ රෝහලේ මෘත ශරීරය තැන්පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Leave a Reply

Your email address will not be published.