Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් එහි වහලය මත නැඟී විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම තවත් කාන්තා රැඳවියන් පිරිසක් බිම සිට විරෝධතාවයට එක්ව ඇති බවද වාර්තා වනවා.

මේ අතර මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව මේ වනවිට 71 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔවුන් මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පැවසුවේ.

ඊයේ පස්වරුවේ ඇති වූ මෙම සිද්ධියෙන් බන්ධනාගාර රැඳවියන් 08 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *