Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මීගමුව බන්ධනාගාරයේ කොරෝනා ආසාදිතයින් ගණන 294ක් දක්වා ඉහළ ගොස් ඇති බව මීගමුව බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා.

මේ මස 25 සහ 26 යන දින වල අහඹු ලෙස තොරා ගත් බන්ධනාගාර ‍රැඳවියන් 330ක් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇති අතර ඉන් 251 දෙනෙක්ට ම කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා.

ඊයේ (27) වන විට බන්ධනාගාර ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් 3854 දෙනෙකු සොයාගෙන ඇති බව සඳහන් වෙයි.

ඒ අනූව බන්ධනාගාර නිලධාරීන් 121ක්, පිරිමි රැඳවියන් 412ක්, කාන්තා ‍රැඳවියන් 09ක්, රක්ෂිත බන්ධනාගාර පිරිමි රැඳවියන් 3121, රක්ෂිත බන්ධනාගාර කාන්තා ‍රැඳවියන් 191ක් කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

බර්ටි වීරසිංහ – කඳාන

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *